Thursday, August 27, 2015

අැන්ඩ්‍රොයිඩ් M වල අලුත් වැඩ බලමුද?

අැන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දධත් වල අලුත්ම සංස්කරණය android M හි අත්දාබැලිමේ සංස්කරණයක් පසුගිය ජූලි 9 දින ගූගල් සමාගම නිකුත් කරා.ඉතින් මේක නිල වශයෙන් ස්මාට් ෆෝන් වලට එන්නෙ මේ අවුරුද්දෙ අවසානයේ තමයි.
ඉතින් මේ OS එක අලුතෙන් එන ස්මාර්ට් ෆෝන් ටැබ්ලට් පරිගණක ස්මාර් වොච් සහ රියදුරු රහිත වාහන කියන ඔය හැමදේකටම මේ අවුරුද්දෙ අවසානයේ ඉදන් එනව.එ් වෙනුවෙන් අැන්ඩ්‍රොයිඩ් M වල තියන අලුත් විශේශාංග මොනවද කියල බලමු.

  • අැප් පර්මිෂන්(app permissions)
android m වල අලුතෙන් ඉන්ට්‍රෝල් කරන සෑම අැප් එකකම අලුත් පෙනුමක් ක්‍රියාත්මක වන පලමු වාරයේදී එ් සදහා අවසරය භාවිතා කරන කෙනා විසින් ලබා දෙන්න ඔින.ඉතින් අපිට ඔිනනම් නැවත එ් අවසරය අවලංගු කරන්නත් පුලුවන්.මේ නිසාඋපාංගයේ තොරතුරු හුවමාරු කරන අැප්ස් සියල්ලේම පාලනය අයිතිකරු සතුව තමා තියෙන්නෙ.කලින් මෙන් අැප් එක ක්‍රියාත්මක වන විට එහි අභිමතයට අනුව තොරතුරු ගන්න අලුත් OS එකේදි කොහෙත්ම ඉඩක් නෑ.
  • අැප් ලින්ක් (app link)
මොබයිල් උපාංග යොදාගෙන ටෙක්ස්ට් එකක හෝ වෙනත් තැනක අැති වෙබ් ලින්ක් එකක් විවෘත කරන්න යන විට එය විවෘත කරන්න ඔින වෙබ් බ්‍රවුසරය හරහාද නැත්නම් එම ලින්ක් එකට සහය දෙන අැප් එක හරහාද යන්න මේ තාක් කාලෙකට අාපු කිසිම අැන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතියකට බැරි උනා.එ්ත් අැන්ඩ්‍රොයිඩ් එම් වල open with කියල ඩයලොග් බොක්ස් එකක් විවෘත වෙනව.එ් හරහා අපිට පුලුවන් ලින්ක් එක බ්‍රවුසරය හරහා හෝ අැප් එක හරහා විවෘත කරගන්න.
  • ෆින්ගර් ප්‍රින්ට් සපෝට් (fingerprint support)
android M ක්‍රියාත්මක වල උපකරනවල තියන අැගිලි සලකුණු පරිලෝකකය නැත්නම් fingerprint scaner යොදාගෙන උපාංගය අන්ලොක් කරන්න පුලුවන්.ඔන්ලයින් ෂොපින් වෙබ් අඩවි වලට පිවිසිලා පහසුවෙන් ගනුදෙනු කරන්නත් පුලුවන්කම අලුත් OS එකෙන් දීල තියන තවක් පහසුකමක්.ඉතින් ප්ලේ ස්ටෝ එකේදි අැප් මිලදී ගන්නකොට අවසර පත විදියටත් අැගිල් සලකුණ භාවිතා කරන්න පුලුවන්.
  • මොබයිල් පේමන්ට් (Mobile payment)
බිල්පත් ගෙවීමට අැන්ඩ්‍රොයිඩ් පේ ක්‍රමය භාවිතා කරන අයට මේ අලුකත් මෙහෙයුම් පද්දතිය සහිත් උපාංග පහසුවෙන් භාවිතා කරන්න පුලුවන්.මොබයිල් පේමන්ට් උපාංග සමග අැන්ඩ්‍රොයිඩ් 4.4 සහ ඊට පසුව අාපු OS ක්‍රියාත්මක වුවත් අැන්ඩ්‍රොයිඩ් එ්ම් සමග ක්‍රියාත්මක වන ගෙවීමේ ක්‍රම ගනණ (credit/debit card) වැඩියි.එතකොට මේ පහසුකම් තියන වෙලදසැල් ගනණ සහ ගෙවීම් උපකරණ ගනණත් වැඩියි.මේ ක්‍රමයේ තියන අාරක්ෂාව ඊටත් වඩා වැඩියි.
  • ක්රෝම් කස්ටම් ටැබ් (chrome custom tab)
යම් අැප් එකක් විවෘත කරල තියන විට එහි එහලින් අැප් එකේ තීම් එක සමග ගැලපෙමින් ක්රෝම් වින්ඩෝවක් මතුවෙයි.එ් නිසා අැප් එකෙන් කරන වැඩ වලට අන්තර්ජාල සම්බන්ධතාවය ලබා ගන්න ඔිනනම් කලින් මෙහෙයුම් පද්දති වල මෙන් ක්රෝම් අැප් එක වෙනම ක්‍රියාත්මක කරවන්න ඔින නෑ.අපි වැඩ කරන අැප් එකේ ඉදන්ම ක්රෝම් බ්‍රවුසරයෙන් අන්තර්ජාලය වෙත පිවිසෙන්න පුලුවන්.
  • බැටරි චාජ් කිරීමේ ක්‍රමය (power and charging)
මොබයි උපාංගයේ බැටරි බලය රැදෙන ලෙස එහි උපාංග ක්‍රියාත්මක කරවන්න මේ අලුත් මෙහෙයුම් පද්දතිය නිර්මානය කරන විට වැඩි අවදානයක් යොමු කරල තියනව.අැන්ඩ්‍රොයිඩ් කිට් කැට් මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වෙන විට බැටරිය බැස යන කාලය එම උපාංග යෙදීම 15% කින් වැඩි කරගන්න ලොලිපොප් වල පුලුවන් උනා.අැන්ඩ්‍රොයිඩ් එම් මෙහෙමුම් පද්ධතිය කලින් අාපු ඔය හැම එකකටම වඩා දෙගුණයකින් බැටරි ලයිෆ් එක වැඩි කරනව.වැඩේ කරල තියන්නෙ බැටරි බලය අපතේ යන විදියට කේත ලියා අැත් අැප්ස් සහ බැටරි බලය ඔිනවට වඩා වැඩියෙන් ගන්න  අැප්ස් අලුත් අැන්ඩ්‍රොයිඩ් M සමග ක්‍රියාත්මක විම වැලැක්වීම.
  • යූ එස් බී - සී (USB C type)
අැන්ඩ්‍රොයිඩ් M වල USB-C බැටරි චාර්ජ් කිරිමේ ප්‍රමිතිය (USB charger standard) සමග ක්‍රියාත්මක වීමයි.එ් නිසා අැන්ඩ්‍රොයිඩ් M වල අැති බැටරියේ බලයෙන් වෙනත් ඔිනෑම මොබයිල්  උපාංගයක බැටරියක් උනත් ඉක්මනින් චාර්ජ් කරගන්න පුලුවන්.
  • අැන්ඩොයිඩ් ඔටෝ බැකප් (android auto backup)
අැන්ඩ්‍රොයිඩ් M උපාංගයේ ක්‍රියාත්මක වන අැප් වල තොරතුරු ඉබේම ගූගල් ඩ්‍රයිවු එකවුන්ට් එකක බැකප් කරන්න පුලුවන්.එ් ධාරිතාව 25MB දක්ව වැඩි කරගන්නත් පුලුවන්.එ් දැනටමත් ගූගල් ඩ්‍රයිවු එකෙන් දැනටමත් ලබා දෙන ඉඩ ප්‍රමානයට අමතරව.මේ දත්ත සුරක්ෂිත මාදිලියෙන් රැස්වනවා වගේම දවසට වතාවක් නෙවෙයි නිරන්තරයෙන්ම කෙරෙන කාර්යක්.
  • අැප් ඩ්‍රෝවර් (app drawer)
අන්ඩ්‍රොයිඩ් M හි අැප් පෙලගස්වා අැති පිටුව හෙවත් අැප් ඩ්‍රෝවරය කලින් තිබූ මෙහෙයුම් පද්දති වල වගේ පැත්තට තල්ලු කරන්න නොව ඉහල පහල තල්ලු කරන්න පුලුවන් විදියටයි තියෙන්නෙ.හැබයි කලින් OS වල වගේ වෝල් පේපර් එක විනිවිද පේන්නෙ නම් නෑ.තනි සුදු පසුබිමක් තමා..
  • රැම් මැනේජර් (Ram manager)
යම් අැප් එකක උපරිම සහ සාමාන්‍ය රැම් භාවිතය ගැන විස්තර තමයි මේ option එකෙන් පෙන්වන්නෙ.එ් නිසා අැප් එකේ රැම් භාවිතය ගැන තරමක තක්සේරුවක් කරල අපි පාවිච්චි නොකරන අැප්ස් එතකොට අනව්‍ශ්‍ය විදියට රැම් භාවිතා කරන අැප්ස් අයින කරලම දාන්න පුලුවන්.එතකොට බැටරි ලයිෆ් එකත් ඉතුරුයි.
  • අැඩොප්ටබල් ස්ටෝරේජ් ඩිවයිසස් (Adoptable storage devices)
සාමාන්‍යයෙන් මෙතෙක් අාපු පිලිවෙලට අනුව ගූගල් නිෂ්පාදන වලට පිටතින් මතක උපකරණ සවිකිරීම සීමා කරලයි තිබුනෙ.එ්ත් අැන්ඩ්‍රොයිඩ් M වල SD කාඩ් එකක් හරි USB පෙන් ඩ්‍රයිවු එකක් හරි සම්බන්ධ කරල මෙහෙයුම් පද්දතියේ මතක ධාරිතාව වැඩි කරගන්නත් පුලුවන්.තවත් වාසියක් තමයි අපි සවිකරන මතක උපාංගය අැන්ඩ්‍රොයිඩ් උපකරණයේ අභ්‍යන්තර උපාංගයක් විදියටම ෆෝමැට් කරල තියාගන්න පුලුවන්.එ් විතරක් නෙවෙයි අැප්ස් වල දත්ත උනත් එය තුල ගබඩා කරන්න පුලුවන්..

ඉතින් යාලුවනේ ඔික තමා විස්තරේ.හොදයිනම් අදහසකුත් ලියාගෙනම යන්නකෝ..

Thursday, August 20, 2015

හිරු එලියෙන් විදුලිය ගනිමුද?


මුල්ම පොස්ට් එකෙන් කියන්න හදන්නෙ නිකන් ලැබෙන හිරුඑලියෙන් ප්‍රයෝජනයක් කොහොමද ගන්නෙ කියල.
මුලින්ම කියන්න ඔින මේ වැඩේ කරන්න නම් ටිකක් කට්ට කන්න වෙනව.අවුලක් නෑ අපි වැඩේ බහිමුකො.වැඩේ සරලයි..
මුලින්ම අපිට ඔින වෙනව Solar පැනල් එකක්.එ්වනම් විවිද වොට් අගයන් වලින් ගන්න පුලුවන්.අපි පොඩියට වැඩෙි පටන් ගන්න නිසා 40W හෝ 50W එකක් තියනවනම් හොදටම අැති.



ඉතින් ඔය තියෙන්නෙ පැනල් එකක්.අපිට මේ වැඩේට තව ඔින වෙනව භාණ්ඩ කීපයක්ම.
  1. 50W හෝ 40W solar panel
  2. solar power controller
  3. AC inverter
  4. කාර් බැටරියක්(අලුත් එකක් වෙන්න ඔින නෑ)
ප්‍රධාන වශයෙන් ඔය ටික තමා ඔින වෙන්නෙ. අපි බලමු solar power controller කියන්නෙ මොකද්ද කියලා.

solar power controller
solar power controller
solar power controller කියන්නෙ අපි පැනල් එක හිරු එලියට විවෘත කලාම අපිට එ්කෙන් ධාරාවක් ලැබෙනවනෙ.ඉතින් ඔය ලැබෙන ධාරාව හිරු එලියේ තීවෘරතාව අඩු වැඩි වීමත් එක්ක වෙනස් වෙනව.සරලවම කිවුවොත් මේ උපාංගයෙන් කරන්නෙ පැනල් එකෙන් දෙන ධාරාව එ්කාකාරීව බැටරිය වෙත ලබා දීම.තව දෙයක් තමයි පැනල් එකේ output වෝල්ටීයතාව 18v විතර.එ් උනාට අපි මේ වැඩේට ගන්න බැටරිය 12v නේ.. බැටරියට කෙලින්ම පැනල් එකෙන් දුන්නොත් බැටරියේ අායු කාලය අඩු වෙනවා.එ් නිසා solar power controller යුනිට් එකෙන් out වෙන්නෙ 12v වෝල්ටියතාවක් විතරයි.මේ තියෙන්නෙ දැන් කියපු භාණ්ඩේ..





ඊලගට බලමුකො inverter කියන්නෙ මොකද්ද කියලා.
කට්ටයනම් දන්නව අැති.එ්ත් මම කියන්නම්කො.
අපිට පැනල් එකෙන් controller එක හරහා ලැබෙන්නෙ DC විදුලියනෙ.එ් කියන්නෙ සරල ධාරාවක්.අපි මේ විදුලිය ගෙදර තියන ප්‍රධාන විදුලියෙන්(AC විදුලියෙන්) වැඩ කරන උපකරණයකට දෙන්න නම් DC power එක AC power බවට පරිවර්ථනය කරන්න වෙනවා.සරලවම කිවුවොත් inverter එකෙන් කරන්නෙ DC, AC කරන එක.
තව වැඩි විස්තර මේ උපකරණ ගැන වෙන පෝස්ට් එකකින් කියන්නම්කො.
මේ තියෙන්නෙ ඔය භාණ්ඩෙ තමා..
inverter


තව දෙයක් තමයි මේ inverter එක අපිට කැමති වොට් අගයකින් මිලදී ගන්න පුලුවන්.ඔිනනම් ගෙදර උත් හදාගන්න පුලුවනි.සාමාන්‍යන් වෙලදපොලේ 500W, 1000W, 1500W වගේ අගයන් වලින් ගන්න පුලුවන්.අපේ වැඩේටන් 500W වැඩිත් එක්ක.
ඊලග පෝස්ට් එකෙන් කියන්නම්කො මේව ඔක්කොම එකතු කරල වැඩේ ගොඩ දාගන්නෙ කෝමද කියල.අඩු පාඩු එහෙම තියනවනම් කියන්නකෝ.